සංක්‍රමණික මධ්‍යස්ථානයට කළ ප්‍රහාරය යුද අපරාධයක්



ලිබියාවේ සංක්‍රමණික මධ්‍යස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරය යුද අපරාධයක් සේ සලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු රජයට දන්වා ඇත.

සංක්‍රමණික මධ්‍යස්ථානයට එල්ල වුණු එම ගුවන් ප්‍රහාරයෙන් 40 ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ ගණන 80කට වැඩිය. එයින් බොහෝ දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

සංක්‍රමණික මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත්තේ අප්‍රිකානු රටවල ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන යුරෝපය බලා යෑමට පැමිණ සිටි සංක්‍රමණිකයන් යැයි ද පැවැසෙයි.

(රොයිරේස්)


RECOMMEND POSTS