ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් උසාවි ආරක්ෂක නිළධාරියෙක් මරුට



යේමන දේශ සිමාවේ සිට හවුදි ගරිල්ලන් විසින් එල්ලකරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයක් කුවේට් රාජ්‍යයේ නගරයක් වන ධාරන් හි පිහිටා ඇති උසාවියක එල්ලවී ඇති අතර උසාවියේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිළධාරියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

ෂෙල්වෙඩි ප්‍රහාරයෙන් උසාවියේ සේවයේ නිරතව සිටි සේවකයින් කීප දෙනෙක් සුළු තුවාල ලබා ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS