ෂෙල් ප්‍රහාරයකින් දෙකකට තුවාල



යේමනයේ සිටින ත්‍රස්තවාදීන් සෞදි දේශසීමාවේ සිට එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් සෞදි ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අල්-මෝවටන් පුවත්පත වාර්තා කළේය.

යේමනයේ සිටින හවුදි ගරිල්ලන් ප්‍රහාරය එල්ල කර ඇති අතර එම  ප්‍රහාරයන් සෞදි අරාබියේ නජ්රාන් නගරයේ නිවාස පිහිටා ඇති ප්‍රදේශයකට පතිත වී ඇත.

මහජන ආරක්ෂක ඒකකයේ නිලධාරීන් තුවාලකරුවන්ව ප්‍රතිකාර කිරීම සඳහා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කල බව එම ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කර්නල් අබ්දුල්ලා සෙයිඩ් ෆාරි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS