ෂියා සටන්කාමීන් ඉරාක ජාතික හමුදාවට



ඉරාකයේ විශාලතම ෂියා මුස්ලිම් සටන්කාමී කල්ලිය වන බදාර් සංවිධානය  එරට ජාතික හමුදාවට එක් කරනවා යැයි එහි නායක හදී අල් අමීරි කියයි.

බදාර් සංවිධානය අංශ දෙකකින් ක්‍රියාත්මක වෙයි. ඒ, දේශපාලන අංශය සහ සන්නද්ධ අංශය යනුවෙනි. දේශපාලන අංශයට අයත් සාමාජිකයෝ ඉරාක පාර්ලිමේන්තුවේ ආසන 22 ක් නියෝජනය කරති.

අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ට එරෙහි සටන්වලදී ඉරාක රජයේ හමුදාවට, මෙම සටන්කාමීගේ සහාය නොඅඩුව හිමිවිය. මේ වනවිට ඉරාකයේ අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි යුද්ධය අවසන් වී ඇත.

බදාර් සටන්කාමීන් ඉරාක රජයේ හමුදාව සමඟ එක් වීමට සූදානම් වන්නේ ඒ අනුවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS