ෂියා මුස්ලිම් පල්ලියක තෙරපීමකින් 31 ක් මරුට



ඉරාකයේ කර්බාලා නුවර ෂියා මුස්ලිම් පල්ලියක සිදුවුණු තෙරපීමකින් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ.

ඉරාකය සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන මුස්ලිම් රාජ්‍යයකි. එරට ෂියා මුස්ලිම් ප්‍රජාව පෙරේදා ඔවුන්ගේ අෂුරා දිනය සැමරුවේය. අෂුරා ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ දිනයයි. අෂුරා දිනයේදී සැමරීම සිදුවන්නේ මහම්මත්තුමාගේ මුණුබුරු ආගමික නායක ඉමාම් හුසේන්ගේ මරණයයි.

අෂුරා දිනය සමරමින් දස දහස් ගණනින් ෂියා මුස්ලිම් බැතිමතුන් කර්බාලා නුවර ෂියා මුස්ලිම් පල්ලියට එක්රොක් වූහ.

තෙරපීම සිදුවූයේ පල්ලියේ පිවිසුම දක්වා දිවෙන කුඩා පාලම කඩා වැටීමත් සමඟය. මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ඉරාක මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කර්බාලා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS