ෂියා නායකයන්ගේ සහාය සිරියා ජනපතිට



විස රසායන ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා  ලැබ සිටින සිරියානු ආණ්ඩුවට ශක්තියක් වීම සඳහා ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරති.

ඒ අනුව සිරියානු ආණ්ඩුවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට මොස්කව් පාලනය ප්‍රතිඥා දී තිබේ. රසායන ප්‍රහාර දියත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස සිරියාවේ මිත්‍ර පාර්ශවයක් වන ඉරානයේ ජනාධිපති හසන් රවුහානි ඉල්ලා ඇත.

මේ අතර  විස රසායන ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා  ලැබ සිටින සිරියානු ආණ්ඩුවට ප්‍රතික්ෂේප කරයි.

සිරියානු ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් අත පවතින 'ඉඩ්ලිබ්' ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට එල්ල වූ සැක කටයුතු විෂ රසායන ප්‍රහාරයෙන් දරුවන් තිස් තුන්දෙනෙකු ඇතුළු අසූ නව දෙනෙකු මරුමුවට පත් වී තිබේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි

 


RECOMMEND POSTS