ශීත කරණයෙන් හමුවුණු සේවිකාව



කුවේටයේ හවාලි හි මහල් නිවසක ශීතකරණයකින් හමුවූ ආසියාතික ගෘහ සේවිකාව ගේ මරණය මිනීමැරැමත් බව හෙළිවී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි.

ඇය පිලිපීන් ජාතික කාන්තාවක් වන බවත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය මියයාමට පෙර ශීතකරණයට දමා වසා දමා ඇති බව තහවුරු කරගෙන ඇති බවත් එම මාධ්‍ය පවසයි.

එම මහල් නිවස හිමි කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය සඳහන් කර ඇත්තේ නිරන්තරයෙන් මෙම ගෘහ සේවිකාව සිය ස්වාමියාගේ තාඩන පීඩනවලට ලක්වී ඇති බව ය.

කෙසේ නමුත් සිය සැමියා කළ පහරදිමකින් ගෘහ සේවිකාවට සිහි නැතිවී ගිය අවස්ථාවක මෙලෙස ශීතකරණයට දමාවසා ඇතැයි ඇය පවසා ඇත.

සැකකාර නිවැසියන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ පල කිරීමෙන් අනතුරුව ඔවුන්ට ප්‍රජාවගේ දැඩි විවේචන ඉල්ලවී තිබූ අතර් එයින් ඔවුන් පහසුවෙන් කොටුකර ගැනීමටත් හැකිවී ඇතැයි  ද එම සාධ්‍ය පෙන්වා දෙයි.

මේ සිදුවීමෙන් අනතුරුව පිලිපීන් විදේශ ලේකම් වරයා විශේෂ නිවේදනයක්  නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ යුක්තිය ඉටු කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කුවේටයේ බලධාරීන් කළ යුතු බවය

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS