ශිෂ්‍යයාවන් බඳවා ගන්නවා



සෞදි ජාතික බලශක්ති විද්‍යායතනයට ශිෂ්‍යයාවන් ඉදිරි වසර කීපයේදි බ ඳවාගැනීමට කටයුතු කරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් විද්‍යායතන භාරකාර මණ්ඩලයේ උප-සභාපති සහ සෞදි බලශක්ති පද්ධති සඳහා වු සෞදි ඇරම්කෝසමාගමේ නියෝජ්‍ය සභාපති, ඉංජිනේරු අබ්දුල් කරීම් අල්-ගම්ඩි ප්‍රකාශ කළේය.

ශිෂ්‍යයාවන් සඳහාම වෙන් වු පාඨමාලාවන් කීපයක් ඉදිරි වසර කීපය ඇතුලතදී හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති විද්‍යායතනය ප්‍රකාශ කළේය.

200-300ක් අතර ප්‍රමාණයක් බඳවාගැනීමට විශ්වවිද්‍යාලයක් සමඟ ගිවිසුම් අත්සන් කරන බව උප-සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දැනට ඉල්ලුම්පත් 800ක් ලැබී ඇති අතර 150 දෙනෙක් පාඨමාලා ආරම්භ කිරීමේදි බඳවා ගැනීමට කටයුතු කර ඇත.

ඉදිරි දශක දෙකක කාලය තුල බලශක්ති ක්ෂේත්‍රයට 50,000-60,000ක සේවකයන් පිරිසක් අවශ්‍ය වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදීගැසට්)


RECOMMEND POSTS