ශ්‍රේෂ්ධාධිකරණය හරස් වෙයි



නීතිවිරෝධී අයුරින්, ඊශ්‍රායලයට පැමිණ සිටින, අප්‍රිකානු රටවල සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය හරස් වී ඇත.

නීතිවිරෝධී අප්‍රිකානු සංක්‍රමණිකයන් රටින් නෙරපීම සම්බන්ධයෙන් සකස් කළ සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මාර්තු 26 වැනිදාට පෙර තමන්ට ලැබෙන්න සළස්වන්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දන්වා ඇත.

අප්‍රිකා රටවල් වන එරිත්‍රියාවෙන් සහ සුඩාන්යෙන් ඊශ්‍රාලයට නීති විරෝධී ආකාරයට පැමිණ සිටින සංක්‍රමණිකයන්ට ඊශ්‍රායල රජය, ඉකුත් ජනවාරියේ ඇමෙරිකන් ඩොලර් 3,500 ක මුදලක් සහ ගුවන් ටිකට්පත් ලබා දෙමින් කියා සිටියේ කැමැත්තෙන් ඊශ්‍රායලයෙන් පිටවී යන ලෙසය.

එසේ නොකළොත් බලහත්කාරයෙන් රටින් නෙරපා දැමීම සිදු කරනවා යැයි ද ඊශ්‍රායල රජය නිවේදනය කළේය. මෙය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ දැඩි විරෝධයට හා දෝෂදර්ශනයට හේතුවක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS