ශ්‍රී ලාංකිකයින් 270 ක් සෞදියෙන් මවුබිමට



ගෝලීය වසංගතයක් ලෙස නම් කෙරුන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම සහ ව්‍යාප්ත වීම හේතුවෙන් සෞදි අරාබියේ දැනට පවතින අයහපත් වාතාවරණය හමුවේ මවු බිමට යාමට නොහැකිව රැදී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් අතරින් 270 දෙනෙකු පමණ එළබෙන අද (ජුලි මස හයවෙනි දින) ශ්‍රී ලංකාව බලා පිටත් කිරීමට, ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මෙහි පැමිණෙන බව සෞදි අරාබියේ වැඩ බලන තානාපති සහ දූතමණ්ඩල ප්‍රධානි මදුක වික්‍රමාරච්චි  මහතා පැවැසීය.

කොවිඩ් 19 කොරෝනා ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මේ වනවිට සෞදි අරාබියේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති අතර ජාත්‍යන්තර කොරෝනා රෙගුලාසි අනුව සියලුම රටවල් සදහා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා යාමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පසුගිය මාස කිහිපයතුලදී    එක්රැස් කල අතර රියාද් පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය මගින්ද ශ්‍රී ලංකාවට යාම සදහා අවසන් පිටත්වීමේ සහ පිටත්වී නැවත පැමිණීමේ විසා පත් සුදානම්වූ අයගේ තොරතුරු ලබා ගන්නා ලදී.

ඒ අනුව ශ්‍රී ලංකාව බලා යාමට සුදුසුකම් ලබන පුරවැසියන්ගේ නාමලේඛනයක් තානාපති කාර්යාලිය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නිර්දේශ කරන ලද 270 පමණ පිරිසක් ජුලි මස හයවෙනි දින ශ්‍රී ලංකාව වෙත පිටත් කර හැරීමට රියාද් නුවරට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන බව රියාද් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සහ දුතමණ්ඩල  ප්‍රධානි මදුක වික්‍රමාරච්චි මහතා පවසයි. සෞදි අරාබියේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන පරිදි තෝරාගත් මෙම පිරිසෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බවත් පිරිමි පාර්ශවය අතුරින් විවිද රෝගාබාද වලට ලක්වූ කිහිප දෙනෙක් සදහාද සංචාරක විසා සමගින් පැමිණ සිටි පිරිසක් සදහාද විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙක් සදහාද  ප්‍රමුඛස්තානය ලබා දීමට කටයුතු කල බවද සියලුම පිරිස් ජෙද්ද,සකාක,අල් බහා,කප්ජි,බුරෙයිදා,හයෙල්,ජුබෙල්,යන ඈත ප්‍රදේශ වලිනුත් දමාම්,අල් කොබාර්,රියාද්,යන ජනාකීර්ණ ප්‍රදේශ වලිනුත් තෝරාගත් බවද මදුක වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

කෙසේ වුවද දැනටමත් නම් කර ඇති සියලු පුරවැසියන් ගුවන් ගතවීමට පැය 72 ක් ඇතුලත ලබා ගන්නා ලද PCR පරීක්ෂණ වාර්තාව සමගින් ජුලි හය වෙනි දිනට රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස දන්වා ඇති බවද සියලුම මගින් ජාත්‍යන්තර කොරෝනා රේගුලාසි පිළිපැදිය යුතු බවත් ශ්‍රී ලංකාවට පැමිණි පසු සියලුම මගින් ගුවන්තොටුපොළ තුලදී නැවත වරක් PCR පරීක්ෂණය සදහා සුදානම් වියයුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසිය.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය


RECOMMEND POSTS