ශ්‍රී ලාංකිකයන් තිදෙනාට දෝහා අධිකරණයෙන් දඬුවම්



නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය අලෙවි කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට දෝහා අපරාධ අධිකරණය විසින් සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා අතරින් ප්‍රධාන චූදිතයාට හෙරොයින් ලඟ තබා ගැනීම හා භාවිතා කිරීමේ වරදට වසර තුනක සිර දඬුවම් හා කටාර් රියාල් 200,000 ක දඩයක් ද නියම කර ඇතැයි එම වාර්තාවන් හි සඳහන් වේ.
අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට වසර බැගින් වූ සිර දඬුවම් හා කටාර් රියාල් ලක්ෂය බැගින් වූ දඩ මුදල් ද  නියම කොට ඇත්තේ ගංජා ලඟ තබා ගැනීම හා භාවිතය හේතුවෙනි.
කටාර් හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශනය සිදු කර ඇති අතර එහි දී මත්ද්‍රව්‍ය මිල දී ගන්නට එන ගැනුම්කරුවෙකු ලෙස උපාය දූතයෙක් යවා සැකකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
එහි දී සැකකරුවන් ගේ නවාතැන් පරික්ෂා කිරීමේ දී හෙරොයින් හා ගංජා ඇසුරුම් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒවා පොලිසිය භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය චෝදනා මත අත් අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා දඬුවම් කාලය නිමා වීමෙන් පසු එරටින් පිටුවහල් කිරීමටද අධිකරණ්‍ය නියෝග කර ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS