ශ්‍රමිකයන්ට ඕමානය එපා වෙයි



ඕමානයේ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව සියයට හතලිස් තුනකින් (43%) පහත වැටී ඇති බව වාර්තා වේ.

2016 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වු අඩුම ප්‍රතිශතය ලෙසසංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 1,997,763 දක්වා පහත වැටී ඇති බව ජාතික මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඕමානයේ ජනගහනයෙන් 57%ක් ඕමාන ජාතිකයන් වන අතර සංඛ්‍යාත්මකය 2,650,418ක් වේ. 

ඕමාන ජාතිකයන්ට වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය පියවර ගැනීම හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS