ශ්‍රමිකයන්ට එන්න දෙන්නේ නෑ: ඕමානය කියයි



ඕමාන් රාජ්‍යය විදේශ ශ්‍රමිකයන්ට ආපසු පැමිණීමට අවසර නොදෙන බව නිවේදනය කරනවා.

කල් ඉකුත් වූ රැකියා වීසා බලපත්‍ර සහිත විදේශ ශ්‍රමිකයන්ට පමණක් ආපසු ඕමානයට පැමිණීමට අවසර නොදෙන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

කොරෝනා වසංගතය පිළිබඳ උත්තරීතර කමිටුවේ මාධ්‍ය හමුවකදී බ්‍රිගේඩියර්, සයිඩ් අල් අස්මි විසින් මේ පිළිබඳව අනාවරණය කළ බව ගල්ෆ් ප්‍රවෘත්ති වාර්තා කරනවා.

වීසා බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති අතර, පවුල්වල සාමාජිකයන්ට ඕමානයට පැමිණිය හැක්කේ වලංගු නේවාසික වීසා ඇති අයට පමණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS