ශ්‍රමිකයන් සීමාකරන්න පනතක්



කුවේටයේ සිටින විදේශ ශ්‍රමිකයන් සීමා කිරීම සඳහා පනතක් කෙටුම්පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාසය ඇතුළත අදාල පනත ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, කුවේටයේ සිටිය යුතු උපරිම විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව කෙටුම්පත මඟින් තීරණය කරයි.

අදාල පනත මඟින් රැකියා කාණ්ඩ 10කට අයත් විදේශ ශ්‍රමිකයන් නිදහස් කර ඇත. 

විශ්ව විද්‍යාල උපාධියක් නොමැතිව වයස අවුරුදු 60 ට වැඩි විදේශිකයින්ට රැකියා බලපත්‍ර නිකුත් කිරීම නතර කරන බවත්, අගෝස්තු 31 න් පසුනේවාසික සහ වීසා බලපත්‍ර දීර්ඝනොකරන බව කුවේට් නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS