ශ්‍රමිකයන් පිටුවහල් කරනවා: සෞදිය කියයි



කොරෝනා වසංගතය පාලනය කිරිම සඳහා පනවා ඇති නීතිරීති උල්ලංඝනය කරන විදේශ ශ්‍රමිකයන්ව පිටුවහල් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කරනවා.

විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, සාද සහ සම්මන්ත්‍රණවලට සහභාගි වන විදේශ ශුමිකයන්ව සෞදියෙන් පිටුවහල් කර නැවත සෞදි අරාබියට ඇතුළුවීම තහනම් කරන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෞදි අරාබියේ ආසාදිතයන් සංඛ්‍යාව 72,560ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 43,520ක් සහ ආසාදිතයන්ගේ මරණ සංඛයාව 390 ක් ලෙස වාර්තා වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS