ශ්‍රමිකයන් 477ක් පිටුවහල් කරලා



ඕමානයෙන් විදේශ ශ්‍රමිකයන් හාරසිය හැත්තෑ හත්දෙනෙක් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

කම්කරු නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් පිටුවහල් කිරීමට කටයුතු කළ බව ඕමාන් මිනිස්බල අමාත්‍යාංශය පැවසීය.

ඕමානය තුල සිදුකරන ලද හදිසි වැටලීම්වලින් නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගත් බවත්, ජනවාරි 05 දින සිට ජනවාරි 18 දින දක්වා කාලය තුල ශ්‍රමිකයන් පිරිස ඕමානයෙන් පිටව ගිය බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS