ශ්‍රමිකයන් 340 අත්අඩංගුවට



ඕමානයේ නීතිවිරෝධී ආකාරයෙන් රැදී සිටි විදේශ ශ්‍රමිකයන් තුන්සිය හතලිහක් (340) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 254ක්ද, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 19ක් සහ ගෘහ සේවයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 67 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

මාර්තු 31 දින සිට අප්‍රේල් 04 දක්වා කාලය තුල සිදුකරන ලද වැටලීම්වලින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයන් 469 දෙනෙක් පිටුවහල් කිරීමට මීට පෙර කටයුතු කළ බව ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS