ශක්තිමත් හමුදාවක් ඕනෑ - කුවේටය කියයි



කුවේට් යුධ හමුදාව ක්‍රියාත්මක කරන ලද යුධ මෙහෙයුම් වලට ගෞරවය දැක්වීම සඳහා පවත් වන ලද උත්සවයකට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂීක් මොහොමඩ් අල්-ඛලීඩ් අල්-සබා අගෝස්තු 03 වන දින සහභාගි වු අතර එහිදි කුවේට් රාජ්‍යයට ශක්තිමත් හමුදාවක් අවශ්‍ය බව ප්‍රකාශ කළ බව ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේයග

හමුදා නායකයින්ගේ උනන්දුව වර්ධනය කරමින්, හැකියාවන්ද ඉතා දියුණු මට්ටමක ගෙන සමස්ථ කුවේට් රාජ්‍යය තුල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් හමුදාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ දකුණු කුවේට් හිපිහිටි ඇමරිකන් හමුදාවට අයත් ඇරිෆ්ජන් කඳවුර ඇතුලු කුවේට් බලකායට අයත් හමුදා කඳවුරු වල සංචාරය නිරත වෙමින් සිටින අතරතුර පැවති මාධ්‍ය හමුවකදීය.

ඉරාකය කුවේට් රාජ්‍යය ආක්‍රමනය කිරීමේ28 වන සංවත්සරයට සමගාමීව අමාත්‍යවරයාගේ සංචාරය සිදු වු අතර  කුවේට් සන්නද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ලුතිනන් ජෙනරාල්  කලීඩ් අල් සබාසහ ඉහළ පෙලේ හමුදා නිලධාරීන් අමාත්‍යවරයා සමඟ සංචාරයට සහභාගී වුහ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS