වෛරසයෙන් මැරුනේ නෑ: එමිරේට්ය කියයි



කොරෝනා වෛරසයෙන් පිලීපීන කාන්තාවක් මියගොස් ඇති බවට වැරදි ප්‍රවෘත්තියක්පළ කර ඇති බව වාර්තා වේ.

පිලිපීන කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව පිලිපීන කම්කරු ඇමතිවරයාගේප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඩුබායි රාජ්‍ය මාධ්‍ය කාර්යාලය පැවසීය.

රෝගියාගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු කොරෝනි වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව රාජ්‍ය මාධ්‍ය කාර්යාලයට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

කොරෝනා වෛරසයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත්, සියලුම දේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS