වෛද්‍යවරයෙක් කොටුවෙයි



සෞදි අරාබියේ රෝහලක සේවය කරන අරාබි වෛද්‍යවරයෙක් බෙහෙත් ජාවාරමේ නිරත වී ඇති බව වාර්තා වේ.

සිය රටේ සිට බෙහෙත් පෙති තොගයක් සමඟ අල්-ඩවාඩ්මි ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොල ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට කටයුතු කර ඇති අතර වෛද්‍යවරයා සේවය කරන රෝහලට බෙහෙත් පෙති තොගය බාරදීමට කටයුතු කර ඇත.

වෛද්‍යවරයා පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට රෝහල් පරිපාලනාධිකාරිය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS