වෛද්‍යවරයෙක් කතකට අතවර කරලා



වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කුවේට් කාන්තාවකට ප්‍රසිද්ධ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් අතවර කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරයාට අයත් සායනය තුළදී කාන්තාවට අතවර කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර පහකට සිරදඩුවමක් ලබා දෙන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කළේ ය.

වෛද්‍ය සායනය තුළ රූගත කරන ලද වීඩියෝ දර්ශන කීපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇති අතර එය ප්‍රබල සාක්ෂියක් ලෙස අධිකරණය පිළිගෙන ඇත.

විනිසුරු අබ්දුල්ලා අල්-ඔත්මන්ගේ ප්‍රධානත්වයෙන්යුත් විනිසුරු මඩුල්ල, ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව අත්හිටුවීම සඳහා කුවේට් ඩිනාර් 5,000ක ඇපයක් නියම කර තිබෙන අතර අදාල නඩුව සිවිල් අධිකරණය වෙත යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS