වෛද්‍ය සහතික වංචාවක්



ව්‍යාජ වෛද්‍ය සහතික නිකුත් කළ ආසියාතිකයන් දෙදෙනෙක් ඕමාන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ වෛද්‍ය සහතික නිකුත් කරන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර උතුරුදිග බැටිනා නගරයේදි ඔවුන්ව කොටුකර ගැනීමට සමත් වී ඇත.

විදේශ ගමන්බලපත්‍ර හයක් (6) සහ වෛද්‍ය පරීක්ෂණ පෝරම අත්අඩංගුවට ගන්නා අවස්ථාව ඔවුන් සතුව තිබී ඇත.

නීතිමය කටයුතු සිදුකිරීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS