වෙළඳ ප්‍රදර්ශනයට ප්‍රහාරක්



සිරියාවේ අගනුවර වන ඩැමස්කස් හි පැවැත්වෙමින් තිබෙන ඩැමස්කස් අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයට පසුගිය දා ත්‍රස්තවාදීන් එල්ල කරන ලද රෝකට් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණැයි ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඩැමස්කස් අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය සිරියාවේ පැවැත්වෙන් ප්‍රධානතම වෙළඳ ප්‍රදර්ශනයක් වන අතර රට තුළ පවතින යුද උණුසුම හේතුවෙන් 2011 මාර්තු මාසයෙන් පසුව වෙළඳ ප්‍රදර්ශනය පැවත්වීමට නොහැකි වීය.

ප්‍රදර්ශන භූමියට ඇතුළු වන ස්ථානයට එල්ල කරන ලද රොකට් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් සැලකිය යුතු සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂකයින් සහ බ්‍රිතාන්‍ය පදනම් කරගත් යුධ නිරීක්ෂකයින් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS