වෙළඳ ප්‍රදර්ශනය ඇරැඹේ



කටාරයේ වෙසෙන්නන්ට වාසි රැසක් රැගෙන ෂොප් කටාර් 2018 වෙළඳ ප්‍රදර්ශනය අද (07) සිට අල් හසම් සාප්පු සංකීර්ණය අසල දී දින 31 ක් පුරා පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය අද රාත්‍රී 8.20 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගිනිකෙළි සංදර්ශනයක් ද සමඟිනි.

නවීන සම්ප්‍රදායක් යන තේමාව යටතේ මෙම වෙළද ප්‍රදර්ශනය දෙවනවරටත් මෙසේ පැවැත්වෙන අතර  එහිදී භාණ්ඩ හා සේවා සඳහා අඟනා වට්ටම්, ප්‍රවර්ධන වැඩසටහන්, වෙළඳ කුටි, වැඩමුළු, උසස් ප්‍රමිතියකින් යුතු ඇඳුම් පැළඳුම්, විලාසිතා සංදර්ශන හා විවිධප්‍රසංග යනාදියෙන් මෙම දින 31ක වර්ණවත් වනු ඇත.

විශේෂ වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට, කටාර් රියාල් මිලියන 04 දක්වා වූ මුදල් තෑගි හා මෝටර් රථ තෑගිද දිනා ගැනීමේ අවස්ථාව මෙම සැණකෙළියේ දී විවිධ සාප්පු වලින් ලබා දී තිබේ.

එමෙන්ම කටාර් රියාල් 200ක් හෝ ඊට වඩා වැඩිවන සියළුම මිලදී ගැනීම් සඳහා වවුචර්පත් හිමිවෙන අතර සතිපතා කුසපත් ඇඳීමකින් ආකර්ෂණීය ත්‍යාග දීනා ගැනීමටද හැකිය.

විනීතා එම්  ගමගේ

 


RECOMMEND POSTS