වෙරළේදී ඊද් සැමරූ ඩුබායි පොලීසිය



මෙවර ඊද් උත්සවය නිමිත්තෙන් ඩුබායි පොලීසිය විසින් ඩුබායි වෙරළේ නාවික සංදර්ශනයක් පවත්වනු ලැබීය.

ඩුබායි ජුමෙයිරා වෙරළේ දී පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පුරා පැය තුනක්  පැවති මෙම සංදර්ශනය සඳහා නවීන පන්නයේ අධිවේගී නාවික යාත්‍රා එමීර රාජ්‍ය යේ ජාතික ධජ වලින් සැරසී වෙරළ තීරයේ දර්ශනීය ලෙසින් පෙළහර පානු ලැබීය.

මෙම මුහුදු යාත්‍රා සංදර්ශනය ඩුබායි මරීනා , බර්ජ් අල් ඇරැබ් , ජුමේරා යන වෙරළ තීරයේ පදිංචිකරුවන්ට සහ හෝටල් හි නවාතැන් ගෙන සිටි පිරිස් වෙත දර්ශනීය ලෙසින් දර්ශනය වී ඇත.මෙම නාවික යාත්‍රා සංදර්ශනය ඔවුන් ගේ ඇගයුමට ද ලක් වී ඇත.

ඩුබායි පොලීසියේ නාවික මුදා ගැනීමේ ඒකකයේ ප්‍රධානී ලුතිනන් කර්නල් අලී අබ්දුල්ලා අල් නක්බි යන ඩුබායි පොලීසියේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS