වෙරළවල ඇවිද්ද 100 කට දඩ



ඩුබායි මුහුදු වෙරළ තීරයන්වල මුහුණු ආවරණ නොමැතිව ඇවිදමින් සිටි 100 කට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව වාර්තා වේ.
 

වෙරළ තීරයන්වල ඇවිදීම සඳහා අවසර ලබා දීමෙන් පසු, මුල් දවස් තුන ඇතුලත අදාල පිරිසට දඩ නියම කර ඇත.

ඩුබායි පොලිසිය ඩුබායි මහ නගර සභාවේ සහයෝගයෙන් වෙරළ තීරයන්වල මුර සංචාර දියත් කර ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනතාව ආරක්ෂිත උපදෙස් පිළිපදිනවාද නැද්ද යන්න පරීක්ෂා කර නීති මඟින් කටයුතු කිරීම පොලීසියට පැවරී ඇත.

අදාල පිරිස මුහුණු ආවරණ නොමැතිව ජුමෙයිරා බීච් රෙසිඩන්ස්, අල් මාම්සාර්, ජුමෙයිරා සහ උම් සුකීම් යන වෙරළ තීරයන්වල ඇවිදිමින් සිටින අතරතුරදී දඩ නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ගල්ෆ්නිවුස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS