වෙබ් අඩවි අවහිර කරයි



සෞදි සහ එමිරේට්ස් වෙබ් අඩවි අවහිර කිරීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. තුර්කි බලධාරීන් මෙම පියවර ගත්තේ සෞදිය තුර්කියේ පුවත් වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගැනීමට එකටඑක කිරීමක් ලෙසය.

සෞදිය තුර්කි පුවත් වෙබ් අඩවි අවහිර කළේ එහි පළ වුණු පුවත් වාර්තා හේතුවෙනි. එම පුවත් වාර්තා පළ වූයේ 2018 වසරේ සැප්තැම්බරයේ ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙනි.
ජමාල් කශොග්ජී ඝාතනය වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ජමාල් කශොග්ජී සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

මේ නිසා සල්මන් කුමරුන්ගේ අණ පරිදි කශොග්ජී මරා දැමීම සිදුවුණු බව තුර්කිය චෝදනා කරන්නේ පැහැදිලි සාක්ෂි ද ඉදිරිපත් කරමිනි.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS