වෙන කොහෙද යන උණ්ඩයකට පාපන්දු ක්‍රීඩකයා බිලි



ලෙබනන් පාපන්දු ක්‍රීඩක‍, මොහමඩ් අට්වි වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. 

බේරූට් නුවරදි කිසියම් පුද්ගලයෙක් නිකරුනේ එල්ල කරන ලද වෙඩි පහරක් පාපන්දු ක්‍රීඩකයාගේ හිසට එල්ල වී ඇති අතර, මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී ඇත.

ලෙබනන් ජාතික කණ්ඩායම සහ ලෙබනනයේ ඉහළ පෙළේ සමාජ ශාලා ගණනාවක් සඳහා අට්වි ක්‍රීඩා කර ඇත.

ලෙබනනයේ නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති අතර, සමහර ප්‍රදේශවල අවමංගල්‍ය හෝ මංගල උත්සවවලදී අහසට වෙඩි තැබීම සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බේරූට් නුවර)

RECOMMEND POSTS