වෙඩි පහරින් ත්‍රස්ත්‍රයන් 2 මරුට



සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ආරක්ෂක අංශයට අයත් මුරපොලක් ආසන්නයේදි ත්‍රස්තවාදීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදීන් හතරදෙනෙක් අල්-කටීෆ් නගරයේ අබු-හඩ්‍රියා හි පිහිටා ඇති මුරපොල මඟහැර සෞදි අරාබියෙන් පලායෑමට උත්සහ දැරීමේදි සිදු වු වෙඩි හුවමාරුවකදී ත්‍රස්තවාදීන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වී ඇත.

ත්‍රස්තවාදීන් තිදෙනෙක් ත්‍රස්ත ලයිස්තුවේ සිටින බවට ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS