වෙඩි තැබු පුද්ගලයා අත්අඩංගුවට



කුවේටයේ අවන්හලක් අසල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වෙඩි තැබීම සඳහා කාරයකින් අවන්හල අසලට පැමිණ ඇති අතර වෙඩිතැබීමෙන් අනතුරුව එම කාරයෙන්ම පලා ගොස් ඇත.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සහා විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර පැය කීපයකට පසුවඅත්අඩංගුවට ගත් බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ඔහු සතුව තිබි පිස්තෝලයක්, ජීව උණ්ඩ සහ තවත් ආයුධ කීපයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නඩු කීපයකට සම්බන්ධ බවත් නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අදාල බලධාරීන්ට බාරදුන් බව කුවේට් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS