වීසා නිකුත් කිරීම අත්හිටුවයි



කුවේටය පවුල් සහ සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කළේ ය.

නැවත දැණුම් දෙනතුරු අදාල තීරණය ක්‍රියාත්මක කරන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා මෙම තීරණය ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS