වීසා අවශ්‍ය නෑ



එක්සත් අරාබි එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට බ්‍රසීලය සහ බාබඩෝස් යන රටවලට වීසා ලබාගැනීමකින් තොරව දින අනූවක කාලසීමාවක් සඳහා ගමන් කළ හැකි බව එමිරේට්ස් විදේශ කටයුතු සහ අන්තර්ජාතික සහයෝගිතා අමාත්‍යාංශයනිවේදනයක් නිකුත් කරමින්සඳහන් කර ඇත.

ජුනි 03වැනි දින සිටබ්‍රසීලයටත්, ජුලි 01 වැනි දින සිටබාබඩොස් රාජ්‍යයට වීසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමිරේට්ස් රාජ්‍යය බ්‍රසීලය සහ බාබඩෝස් යන රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS