වීසා 20,000 ඉවත දමයි



කුවේට් රාජ්‍යය ලබාදෙන නේවාසික වීසා විසිදහසක් වසර තුනක කාලයක් ඇතුලතදී ඉවත දැමීමට සිදු වී ඇති බව වාර්තා වේ.

අධ්‍යපන මට්ටම සහ ප්‍රමාණවත් ආකාරයෙන් උපාධියක් නොමැතිකමින් වීසා ඉවත දැමීමට ආර්ථික කටයුතු පිළීබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් විදේශ කාන්තාවන් 194 දෙනෙක් පිටුවහල් කළ බවත් 500කට ආසන්න සංඛ්‍යාවක් රැඳවුම් කඳවුරුවල සිටින බව ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධි සංක්‍රමණයන් අවම කිරීම සඳහා අදාල පියවර ගත් බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS