වීඩියෝ කිරීම් තහනම්



ශල්‍යාගාර තුල ශල්‍යකර්ම සිදුවන අවස්ථාවේදි විඩියෝ නොකරන ලෙස නියෝග කරමින් ඩුබායි සෞදි අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සුදුසුකම් නොලත් පුද්ගලයන් ශළ්‍ය කර්මය සිදුවන අවස්ථාවේදි ශළ්‍යාගාර තුලට පැමිණ විඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවල පළකිරීම හේතුවෙන් රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවත් රෝගියාගේ කැමැත්ත ඇතිව විඩියෝ කිරීමටද අවසර ලබානොදෙන බව ඩුබායි සෞදි අධිකාරියේ සෞඛ්‍ය නියාමන අධ්‍යක්ෂ, වෛද්‍ය මර්වාන් අල්-මුල්ලා ප්‍රකාශ කළේය.

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සැපයිමේ අරමුණින් පනවා ඇති නීතිරීතිවලට විරුද්ධව ක්‍රියාකරන පුද්ගලයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව අධ්‍යක්ෂවරුයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS