විසිකළොත් දැඩි දඩුවම්



සෞදි අරාබියේ මාර්ගවලට අපද්‍රව්‍ය විසි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබාදෙන බව වාර්තා වේ. 

ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගසන සහ මෝටර්රථවලින් මාර්ගවලට අපද්‍රව්‍ය විසිකරන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව නාගරික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

පළමු අවස්ථාවේදි සෞදි රියාල් 500ක දඩ මුදලක් නියම කර අතර දෙවන අවස්ථාවේදි සෞදි රියාල් 1,000ක් මුදලක් නියම කරයි.

විනීතභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් දැඩි දඩුවම් ලබාදීමට තීරණය කළ බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS