විසා ගාස්තු වැඩිකරන්නේ නෑ
ඕමානයේ සංචාරය කරන විදේශිකයින්ගෙන් දැනට අයකරනු ලබන විසා ගාස්තු ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඕමානයට සංචාරකයින්ගේ පැමිණීම2009 වර්ෂයේ සිට 2017 වර්ෂය අවසන් වනවිට 6.6%කින් වාර්ෂිකව වැඩි වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
සංචාරකයින් 3,044,705ක්2016 වර්ෂයේ දීද, 3,261,484ක් 2017දී ඕමානයට පැමිණ ඇත.
2018 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුල සංචාරකයින් 71,701ක් පැමිණ ඇති අතර 2017 වර්ෂයේ එම මාස දෙක තුල පැමිණ ඇත්තේ 64,690කි. එය 10.8%ක වර්ධනයකි.
සංචාරකයින්ගේ පැමිණීම 13%කට වඩා වැඩි ප්‍රතිශතයකින් 2020 වනවිට ඉහළ යාහැකි බවට ඕමාන් සංචාරක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)