විශේෂ නියෝජිතයා යේමනයට



යේමනයේ සානා අගනුවරට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ටින් ග්‍රිෆිත්ස් සහ හවුති නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්විණි.

සාකච්ඡා පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු සටන් විරාමය සම්බන්ධයෙනි. සානා අගනුවරට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ටින් ග්‍රිෆිත්ස් යේමනයට පැමිණ සිටින්නේ විශේෂ ආරක්ෂාවක් මැදය.

සටන් විරාමයක් මෙසේ ආරම්භ වූයේ යේමනයේ හොදයිදා වරාය නගරයේ දරුණු ගැටුම් ඇවිලී යද්දීය. යේමනයේ සටන් විරාමයක් ආරම්භ කිරීමට හවුති කැරැලිකරුවන් පමණක් නොව, සෞදිය ද කැමැත්ත පළ කළේ දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසුවය.

සටන් විරාමයට ගරු කරමින් හවුති කැරැලිකරුවන් හොදයිදා නගරයේ බලය අතහැර යේමන නාවික හමුදාවට නගරයේ බලය ලබා දීමට ද කටයුතු කර ඇත.

යේමන අර්බුදය නිර්මාණය වූයේ 2015 දී සෞදි හිතවාදී යේමන රජය, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පෙරළා දැමීමට කටයුතු කළ අවස්ථාවේදීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS