විශේෂ දෙපාර්තුමේන්තුවක්



සෞදි අරාබිය තුල සිදු වී ඇති දුෂණ හා වංචා පිළිබඳව සොයා බලා වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරා නිසි දඩුවම් ලබාදීමට විශේෂ දෙපාර්තුමේන්තුවක් පිහිටුවන ලෙස සෞදි රජු, සල්මන් බින් අබ්දුලසිස් අල් සවුඩ් නියෝග කර ඇති බව සෞදි තොරතුරු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

දැනට පවතින ක්‍රියාවලිය වඩාත් ශත්කිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට කරගෙන යෑමටත් ඉදිරියේදි සිදුවිය හැකි දුෂණ සහ වංචාවන් අවම කිරීමට නව දෙපාර්තුමේන්තුව පිහිටුවීමෙන් මහත් පිටිවහලක් ලැබෙන බව නීතිපති, ෂෙයික් සවුද් අලි මුජිබ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS