විශේෂ ගුවන් යානයක් ඇමෙරිකාවට



ඉර්මා සුළි කුණාටුව  හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පදිංචි එමීර් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් විශේෂ ගුවන් යානාවක් යැවීමට අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මෙහොමඩ් බින් සයීඩ් අල් නයාන් කුමරු තීන්දු කර තිබේ.

ඒ අනුව ඉකුත් දා මෙම විශේෂ ගුවන් යානය ෆ්ලොරීඩා ජනපදයට යවන ලෙස අබුඩාබි ඔටුන්න හිමි කුමරු එමීරයේ ආරක්ෂක හමුදාව වෙත විශේෂ නියෝගයක්  කර ඇත.

ෆ්ලොරීඩාවේ වෙසෙන එමීර් වැසියන්ට අවශ්‍ය සහනාධාර  තොගයක් රැගෙන මෙම විශේෂ ගුවන් යානය පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ. එසේම මෙම ගුවන් යානයෙන් එහි සිටින එමීර වැසියන් ආරක්ෂා සහිතව රැගෙන යාමට නියමිතය.

ඉර්මා සුළි කුණාටුව කැරබියන් දූපත්වලින් ඉවත්ව හයිටියේ ටුර්ක්ස්  සහ කයිකොස් දූපත් දෙසට ගමන් කරමින් පවතින බව වාර්තාවේ. පැයට කිලෝමිටර් 290ක පමණ වේගයෙන් සුළි කුණාටුව ගමන් කරමින් පවතින අතර කැරබියන් දූපත්වලට ඊයේ දිනයේ බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබිණි.

ඉර්මා සුළි කුණාටුවෙන් මිලියන 1.2කට වැඩි සංඛ්‍යාවකට බලපැම් එල්ල වී ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකු පමණ මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබේ. 2010 වසරෙන් පසුව අත්ලාන්තික් කලාපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය ලෙස සැළකේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS