විශේෂ අවශ්‍යතා ඇති 50 ක් දිවයිනට



කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ සිරවී සිට ලාංකිකයින් 50 දෙනෙකු අද (14) යළි දිවයිනට පැමිණෙන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණෙන මෙම පිරිස අතරින් බහුතරයක් දෙනා පිළිකා රෝග , විවිධ රෝග සැත්කම් සිදු කිරීමට නියමිත රෝගීන් , ආබාධ සහිත රෝගීන් ඇතුළු විවිධ රෝගාබාධයන්ට ලක්වූවන් වන බවත් , ඔවුන් තානාපති කාර්යාලය විසින් විශේෂයෙන් තෝරාගත් පිරිසක් යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

මේ පිරිසත් සමග සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ඉකුත් 06 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන් 391 දෙනෙකු නැවත ලංකාවට  වෙත පිටත් කර යැවූ බව සෞදියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධුක වික්‍රමාරච්චි මහතා පැවසීය.

මේ  මාසයේ ඉදිරි සති වලදී ද  කුඩා කණ්ඩායම් ලෙස මෙවන් විශේෂ සහාය අවශ්‍ය පිරිස් ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද  වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා ලබාදෙන සහයෝගය වෙනුවෙන් හෙතෙම රියාදහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සඳුන් ජයසිංහ මහතා සහ එම කාර්ය මණ්ඩලයට සිය විශේෂ ස්තුතිය පළ කළේය.

( තිළිණි ද සිල්වා )‍‍


RECOMMEND POSTS