විශාලම සාප්පු සංකීර්ණය



ඕමානයේ ඉදිකරන විශාලම සාප්පු සංකීර්ණය 2020 වනවිට ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඕමාන් රියාල් මිලියන 112ක මුදලක් වැය කර වර්ග මීටර් 240,000ක සාප්පු සංකීර්ණය ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර රැකියා 3,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමේ හැකියාව ලැබෙන බව වාර්තා වේ.     

තරු හතරේ හෝටලයක්, ගෘහස්ථ ජල උද්‍යානයක්, කෘතිම හිම ක්‍රීඩා පථයක්, සිනමා ශාල, පරිගණක ක්‍රීඩා සහ කිලෝ මීටරයක් පමණ දිග ඇවිදීමේ මං තීරුවක් ඉදිකරනු ලබන සාප්පු සංකීර්ණයට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS