විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය



එමිරෙට්ස් රාජ්‍යයේ ඉදිකරනු ලබන ලොව විශාලතම සූර්ය බල ශක්ති ව්‍යාපෘතියේ හතරවන අදියරයට මුල්ගල තැබීම මොහොමඩ් බින් රාෂිඞ් අල් මක්ටුම් සුර්ය බල උද්‍යානයේදි එමීරේට් උප-ජනාධිපති, අගමැති හා ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් අතින් සිදු වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

යටිතල පහසුකම් දියුණු කිරීමසඳහා වැඩි ප්‍රමුථස්ථානයක් ලබාදෙන බවත් ලෝකය සමඟ තරඟ කිරීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීම සඳහා කැපවන බව ඩුබායි පාලකයා මුල්ගල තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS