විශාලතම පුනරුත්තාපන මධ්‍යස්ථානයක්



ලොව පළමු හා විශාලතම පුනරුත්තාපන සහ අධ්‍යාපන මධ්‍යස්ථානය ඩුබායි නුවර ඉදිකෙරෙමින් පවතින බව වාර්තා වේ.

නොවැම්බර් 05 දින සිට 07 දින දක්වා පැවති“AccessAbilities Expo’’ ප්‍රදර්ශනයේදි පුනරුත්තාපන සහ අධ්‍යාපන මධ්‍යස්ථානය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇත.

ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සේවාවන් සැපයීම සඳහා සමාගම් උන්නදු කිරීම සහ පෙළඹවීම “AccessAbilities Expo’’ ප්‍රදර්ශනයේ මුලික අරමුණ වී ඇත.

ඩුබායි නුවර තිරසාර නගරය තුල පුනරුත්තාපන සහ අධ්‍යාපන මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර එය “සනද් ගම්මානය’’ යනුවෙන් නම් කර ඇත

වර්ග මීටර් 32,000ක භූමි ප්‍රදේශයක් සනද් ගම්මානයට අයත් වන අතර වර්ග මීටර් 19,000ක ගොඩනැගිලි ඉදිවෙමින් පවතියි.

සනද් ගම්මානය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුළු මුදල එමිරේට්ස් ඩිරාම් මිලියන 200ක් වේ. 

දැනට විදේශීය රටවල්වලින් සහ දේශීයව ඉහළ පුහුණුව ලත් හා සුදුසුකම් ලත් වෘත්තිකයින් 320 ක් සේවය කිරීමට නියමිතව ඇති අතර ඔවුන් ආබාධිත පුද්ගලයින් 395 දෙනෙක් රැකබලා ගනියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS