විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල



ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ලට හිමි ගිනස් ලෝක වාර්තාව හිමි කරගැනීමට ඩුබායි මහනගර සභාව සමත් වී ඇත.

වර්ග මීටර් 640 ක විශාලත්වයකින් යුත් ගොඩනැගිල්ල 3-D තාක්ෂණයෙන් නිර්මාණය කර මුද්‍රණය කර ඇති අතර උස මීටර් 9.5 කි.ඩුබායි මහ නගර සභාව වෝර්සන් ප්‍රදේශයේ ත්‍රිමාණ දෙමහල් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

2030 වන විට එමිරේට්ස් හි ඉදිකරන ගොඩනැගිලිවලින් 25% ක් 3-D තාක්ෂණය භාවිතයෙන් ඉදිකරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS