විශාලතම ක්‍රිස්තියානි දේවස්ථානය



ඊජිප්තුවේ විශාලතම කොප්ටික් (මිසර ක්‍රිස්තියානි නිකාය) ක්‍රිස්තියානි දෙව්මැදුර කයිරෝ අගනුවර විවෘත කෙරුණි. ඒ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ප්‍රධානත්වයෙනි.

දෙව්මැදුරේ පළමු දේව මෙහෙය පැවැත්වුණු අතර ඊජිප්තුවේ නන්දෙසින් කොප්ටික් ක්‍රිස්තියානි බැතිමතුන් ඊට සහභාගී වූ බව වාර්තා වේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානුවන් ගණන සියයට 10 කි. දෙව්මැදුරේ පළමු දේව මෙහෙය පැවැත්වීම සිදුවූයේ විශේෂ ආරක්ෂාවක් යටතේය.

කෙප්ටික් ක්‍රිස්තියානුවන්ට එරෙහිව සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් අන්තවාදී මුස්ලිම් සංවිධාන ප්‍රහාර එල්ල කරයි. ඉකුත් සෙනසුරාදා (5) කයිරෝ අගනුවර නැගෙනහිර දෙසින් පිහිටි වෙනත් කොප්ටික් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS