විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි



කුවේට් රාජ්‍යයට මත්ද්‍රව්‍ය රැගෙනයෑමට දැරූ උත්සහයක් ව්‍යර්ථ කිරීමට හැකි වී ඇති බව වාර්තා වේ.

තහනම් වෙරළ කලාපයකට ඇතුළු වූ බෝට්ටුවක් පරීක්ෂා කළ අවස්ථාවේදි මත්ද්‍රව්‍ය පිරවූ බෑග් හතක් (07) සොයාගැනීමට කුවේට් වෙරළාරක්ෂක බළකාය සමත් වී ඇත.

බෝට්ටුවේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා අදාල බලධාරීන්ට භාරදීමට වෙරළාරක්ෂක බලකාය කටයුතු කර ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසීය.

මත්ද්‍රව්‍ය පිර වු කුඩා ප්‍රමාණයේ පාර්සල් 187 ක් රැගෙන පැමිණි බවට ඔවුන් පිළිගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයවැඩිදුරටත් පවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS