විශාල පිරිසකට තුවාල



ඉරාකයේ දී පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ගැටුම මතුව ඇත්තේ පිරිස රජයේ ගොඩනැඟිල්ලකට ඇතුළුවීමට ගත් උත්සාහයකදීයි.

මේ හේතුවෙන් ඉරාකයේ බස්රා නගරයේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.මේ ගැටුම සිදුව ඇත්තේ බස්රා හි බොරතෙල් නිධියක් සමීපයේදීයි.

පිරිස විරෝධතාවේ යෙදී ඇත්තේ අගමැති හයිඩර් අල් අබාඩිට එරෙහිවයි.විරෝධතාවේ යෙදුණු පිරිස රජයේ ගොඩනැගිල්ලකට ඇතුළුවීමට උත්සාහ දැරූ බව පොලීසිය පවසයි.

එහිදී පිරිස කලහකාරී ලෙසින් හැසිරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට අහසට වෙඩි තැබූ බවද පොලීසිය පෙන්වා දෙයි.විරෝධතාකරුවන් තුවාල ලබා ඇත්තේ මේ අවස්ථාවේදීයි.

ගැටුමෙන් පොලිස් නිලධාරීන් 28දෙනකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.පසුගිය ඉරිදා ඉරාකයේ සමාවා පදේශයේ පැවැති විරෝධතාවක් අතරතුරදී සිදුවූ මෙවැනිම ගැටුමකින් විරෝධතාකරුවන් දෙදනකු මියගියේය.

කෙසේ වෙතත් විරෝධතා හේතුවෙන් බස්රා නුවර බොරතෙල් නිෂ්පාදනයට බාධා වී නැහැ.

( තිළිණි ද සිල්වා )
අල්ජසීරා.


RECOMMEND POSTS