විශාල පිරිසකට කොරෝනා ආසාදනය වෙයි



ඕමාන් ජාතිකයන් විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය දින 10 තුල කොරෝනා ආසාදනය වීම විදේශිකයන් සමඟ සංසන්දනය කිරීමේදි 1.61 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා 

ඕමාන් ජාතිකයන් 6,242 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, විදේශිකයන් 3,876 දෙනෙක්ට පමණක් ආසාදනය වී ඇත.

නමුත්, සමස්ථයක් ලෙස විදේශිකයන් පෙරමුණේ පසු වන අතර, සංඛ්‍යාත්මකව 22,274ක් වේ.

ඕමාන් ජාතිකයන් 18, 920කට කොරෝනා වෛරසය මේවනවිට ආසාදනය වී ඇත.

ඕමානයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 42,555 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 188 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS