විශාල පිපිරුමකින් යේමන සෙබළු 7ක් මරුට



දකුණු දිග යේමනයේ පිහිටි ඇඩෙන් වරාය නගරයේ පිහිටි ජාබල් අල්-හඩීඩ් හමුදා කඳවුරට ලොරියකින් ගෙන එන ලද මිසයිල් සහ බෝම්බ තොගයක් ගොඩබාමින් සිට ඇති අතර  ලොරිය තුල තිබු මිසයිල් කීපයක් හසිදියේ සක්‍රීය වීම හේතුවෙන් පිපිරුම් හඬවල් සමගින් විශාල පිපිරීමක් කඳවුර තුල සිදු වී ඇති බව ප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉරිදා උදෑසන(අප්‍රේල්23) සිදුවූ පිපිරීමෙන් ලොරිය අසල සිටි රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන්  7දෙනෙකු අවම වශයෙන් මියගොස් ඇති අතර අවට ප්‍රදේශයේ රැදී සිටි ආරක්ෂක නිලධාරීන් 15දෙනෙකු පමණ තුවාල සිදුවී ඇති බව ප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

පිපිරීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් වාර්තා නොවු බව වෙබ් අඩවිය සදහන් කොට ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS