විශාල ගින්නක්



ඩුබායි නුවර පිහිටා ඇති මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලක ඉදිරිපස ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගින්නෙන් ගොඩනැගිල්ලට විශාල ලෙස හානි සිදු වී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ගොඩනැගිල්ලට අයත් රථගාලේ නවතා තිබු මෝටර් රථ කීපයකට බරපතල හානි සිදු වී ඇත.

ගිනිනිවන භටයින් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කළ අතර ආරක්ෂිත පියවරක් ලෙස ගොඩනැගිල්ලේ සිටි සියලුම පුද්ගලයින් ඉවත් කිරීමට ගිනිනිවන භටයින් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS